Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2024 12:11:16 Hours

12 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි මූලිකත්වයෙන් ලිපිද්‍රව්‍ය පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 ගැමුණු හේවා බලකායේ භටපිරිස් 2024 පෙබරවාරි මස 22 දින අරලගංවිල ප්‍රබෝධනී මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පි පීඑස්සී සහභාගී විය.

ක්‍රිස්ටීන් ද සිල්වා මහත්මිය ප්‍රමුඛ ‘රූ ආච්’ (Ru Ach) සංවිධානයේ පක්‍ෂවීර මහතා හා එම මහත්මිය සහ සිල්වා මහතා හා එම මහත්මිය මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය ලබාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.