Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2024 12:13:20 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 103 දෙනෙකු ස්වෙච්ඡාවෙන් සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල සහ වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල් කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරනු ලැබීය.