Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2024 15:22:51 Hours

56 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 පෙබරවාරි මස 17 සහ 18 දෙදින තුළ 563 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකිරීමෙන් අනතුරුව 563 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

563 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් එම මූලස්ථානයන්හි කාර්යභාරය සහ ඔවුන් සතු වගකීම් පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.

මෙම සංචාරය සඳහා 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 563 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.