22nd February 2024 11:33:46 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2024 පෙබරවාරි මස 22 දින හපුතලේ සහ කහගොල්ල ජුම්මා පල්ලි වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීය. එළඹෙන උපවාස සමයට සූදානම් වීම සඳහා මුස්ලිම් ප්‍රජාවට සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සම්බන්ධීකරණය මත දානපතියන් පිරිසක් විසින් මෙම රට ඉඳි තොගය පරිත්‍යාග කරනු ලැබීය. එහිදී, සෑම මුස්ලිම් පල්ලියක් වෙතම රටඉඳි කිලෝග්‍රෑම් 20 බැගින් පරිත්‍යාග කරනු ලැබිණි. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් මෙම පරිත්‍යාග වැඩසටහන් සඳහා සහභාගී වෙමින් එහි අධීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී.