Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2024 17:41:57 Hours

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සංචාරයක

කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගී එස්එම් (Colonel Mandeep Singh Negi SM) පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශකතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පැවති සුහද හමුවේදී එම ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය, ප්‍රජා මූලික ව්‍යාපෘතීන් සහ සිවිල් - හමුදා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මෙන්ම එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරයන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.

සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගී එස්එම් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබීය.