Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2024 17:45:32 Hours

නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරිනියක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිවාස අවශ්‍යතා සහිත කොමිෂන් නොලත් නිලධාරිනියක් වෙනුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි රණවීර මහත්මිය ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැඟෙනහිර යටතේ සේවයේ නියුතු එම කොමිෂන් නොලත් නිලධාරිනියට ඇයගේම නිවසක් නොමැතිවීම හේතුවෙන් සිය රැකියා විරහිත සැමියා සහ දරු දෙදෙනා සමඟින් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය. ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් කරන ලද ඉල්ලීමකට අනුව සුප්‍රසිද්ධ දානපතියෙකු වන ගෙන්ගසුතාන් මයිල්වාගනම් මහතා විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා රු. මිලියන 1.2 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය විසින් 2024 පෙබරවාරි 21 දින කොමිෂන් නොලත් නිලධාරිනිය ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කරමින් නව නිවස විවෘත කරනු ලැබුවාය. මීට සමගාමීව, ඒ සඳහා අත්‍යවශ්‍ය ගෘහ උපකරණ කිහිපයක් ද ඔවුන් වෙත පරිත්‍යාග කරනු ලැබිණි.

නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නේවාසික ව්‍යාපෘති කළමණාකරු මහවැලි වැලිකන්ද මහතා සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.