22nd February 2024 11:31:46 Hours
213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.ඒ.ඒ.එන්.සී. ප්‍රභාත් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ අභිමානවත් 27 වන සංවත්සර දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.
සංවත්සර දිනය යෙදී තිබූ 2024 පෙබරවාරි මස 18 දින එම මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, බලසේනාධිපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විනෝදාත්මක වැඩසටහනක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.