Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2024 11:35:07 Hours

12 පාබල සේනාංකයේ භටපිරිස් ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඔක්කම්පිටිය ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

රෝහල් පරිශ්‍රයේ පවිත්‍රතාවය නිසිලෙස පවත්වාගෙන යාමට රෝහල් කාර්යය මණ්ඩයේ ඇති හිඟය හේතුවෙන් රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.