21st February 2024 20:54:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35කට අධික කාලයක් මව් බිම වෙනුවෙන් සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සංවේගයට පත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී බදාදා (පෙබරවාරි මස 21) දින සිදුකෙරිණි.
එතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ශෝකයට පත් පිරිස‍් පැමිණ සිටියහ.
ජාතික කොඩියෙන් ආවරණය කරන ලද එතුමන්ගේ දේහය සුසාන භූමියේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව භාරගනු ලැබීය.
මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාතු ගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.
යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවාචාරය ලබාදෙමින් වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ එතුමන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.
හිරු නැඟෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මධ්‍යයේ එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.
අවමංගල්‍ය උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.