Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2024 16:05:37 Hours

144 පාබල බලසේනාව 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

144 පාබල බලසේනාවේ 11 වැනි සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම පීඑස්සී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගියදා පවත්වනු ලැබීය.

සංවත්සර උත්සවයට සමගාමීව භටපිරිස් කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ අතර, ජනවාරි මස 30 දින, ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.

සංවත්සර දිනයේදී, බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් සියළු භටීපිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයකටද එක් විය. උත්සයේ කටයුතු සමාප්ත කරමින් කැලණිය විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජා පින්කමක් පැවැත්වූහ.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.