Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2024 12:50:14 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 19 දින ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවිය.

මෙම සුහඳ හමුවේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයන්හි පවතින ආරක්‍ෂක සහ ප්‍රජා මූලික ක්‍රියාකාරකම් පිළිබඳව ආණ්ඩුකාරවරිය දැනුවත් කළේය. කාන්තාවන් ප්‍රමුඛ පවුල්වල කුසලතා ප්‍රවර්ධනය, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සඳහා මූල්‍යමය වශයෙන් උපකාර කිරීම පිළිබඳව තම සැලකිල්ල හා අවධානය යොමු කර ඇති බවද එතුමිය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළහ. එමෙන්ම, යාපනය අර්ධද්වීපයේ සුබසාධන කටයුතු, සිවිල් වැසියන්ගේ යහපැවැත්ම සහ සිවිල්-හමුදා සහයෝගීතාවය වැනි කරුණු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 512 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.