19th February 2024 18:56:46 Hours
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ භටපිරිස් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණ සාකච්ඡාවක් 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසීගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 15) දින සංවිධානය කරනු ලැබීය.
මෙම හමුවේදී ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවන් සිදුකළ අතර, පෙර හමුවේදී සාකච්ඡාකර ගත් කරුණු පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කරන ලදී.
සම්බන්ධීකරණ සාකච්ඡාව සඳහා 64 පාබල සේනාංකයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී, දිස්ත්‍රික් වනසංරක්‍ෂණ නිලධාරී සහ තුනුක්කායි කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.