Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2024 17:02:21 Hours

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් නිලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනෙකු වෙත අද (2024 පෙබරවාරි මස 19) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ සුරතින් සංකේතාත්මක අසිපත් පිරිනැමීය.

උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී, ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් බී.අයි. අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.සී.ඒ. වික්‍රමසිංහ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් හමු වූහ.

මව්බිමේ ඒකීයභාවය උදෙසා දශක තුනකට අධික කාලසීමාවක් පුරාවට සිදුකරනු ලැබූ කැපවීම් ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය සුබපැතුමන් පිරිනැමීය.

සුහද හමුවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සංකේතාත්මක අසිපත පිරිනමනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පලකළ නව මේජර් ජෙනරල්වරුන් සිව්දෙනා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.