Header

Sri Lanka Army

Defender of the Nation

09th February 2024 10:30:50 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 06 සිට 08 දින දක්වා කාල සීමාව තුළ 12 පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.

මෙම සංචාරයේදී, එතුමන් රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර පුදබිම වන්දනාමාන කරගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් 12 පාබල සේනාංකය, 12 ගජබා රෙජිමේන්තුව, හම්බන්තොට වරාය, 121 පාබල බලසේනාව සහ 18 ගැමුණු හේවා බලකායේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම සංචාරය සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 121 සහ 122 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.