09th February 2024 10:41:50 Hours
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජනවාරි මස 29 දින මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත 16 වැඩපළ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
එම වැඩපළ පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී 16 වැඩපළ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, එම වැඩපළ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් විසින් සිය කාර්යභාරයන් පිළිබඳ සංචාරයේ නිරත ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් දැනුවත් කළේය.
මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් රාජකාරි කටයුතු සිදුකිරීමේදී භටපිරිස්හි කැපවීම සිය ඇගයීමට ලක්කළේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබීය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.