08th February 2024 18:45:51 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයේ පසුගිය දා අභිනවයෙන් රාජකාරි කටයුතු භාරගත් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 පෙබරවාරි මස 05 සහ 06 දිනයන්හිදී 52 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.
52 පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය යුද්ධ හමුදා වෘත්තීමයභාවය තුළින් ප්‍රජා මූලික ව්‍යාපෘති දියත් කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළ අතර, සිය බලප්‍රදේශය තුළ සාමය පවත්වාගැනීම වෙනුවෙන් පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව ද සිය අදහස් දැක්වීය. මෙම සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 52 පාබල සේනාංක මූලස්ථානයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මෙම සංචාරයට සමගාමීව එතුමන් 522 පාබල බලසේනාව, 23 ගැමුණු හේවා බලකාය, 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ පෙරියපච්චපලෙයි පතොරම් ගබඩාවේ ද සංචාරයක නිරත විය. සංචාරයේ ප්‍රථම දිනයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් චුන්ඩිකුලම් ශාන්ත මරියා දේවස්ථානයේ පූජක ගරු අමල්රාජ් පියතුමන් හමුවිය.
සිය සංචාරයේ දෙවන දිනය තුළ එතුමන් 521 සහ 523 පාබල බලසේනාවන්, 11 විජයබාහු පාබල රෙජිමේන්තුව, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 7 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සංචාරය කරනු ලැබීය.
මෙම සංචාරය සඳහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා භටපිරිස් ද සහභාගී වූහ.