Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2024 11:02:52 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින උදෑසන මෙරටින් පිටත්ව යනු ලැබීය.

මෙරටින් පිටත්ව ගිය 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමට නිලධාරීන් 14 දෙනෙකු, නාවික හමුදාවේ එක් නිලධාරීයෙකු සහ සෙසු නිලයන් 49 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයින් 64 දෙනෙකුගෙන් සමන්විත වූහ. එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් ඩී.එම්.ඩී.ජි දිසානායක ආර්එස්පී යුඑස්පී සහ දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් එන්. අයි රත්නායක කටයුතු කරයි.

මෙරටින් පිටත්ව යන 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමට සුභ පැතීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යුඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.