Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2024 18:47:30 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් පසුගිය ඉරිදා (ජනවාරි මස 28) දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේදී ඔවුන්ගේ කාර්යභාරය සහ වෘත්තීය වගකීම පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගත්තේය. අනතුරුව, ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේදී ගුවන් හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් එහිදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිබඳව කෙටි හැදින්වීමක් සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී භටපිරිස් අමතමින් නව වසරට සුබපැතුම් පිරිනැමූ අතර, එහිදී එතුමන් වන්නි මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම මානුෂීය මෙහෙයුම් සඳහා සහභාගී වූ සහ මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ඇගයීමට ලක්කලේය. නැගෙනහිර ප්‍රදේශයේ සාමය සහ සහජීවනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ප්‍රදේශයේ මහජනතාවට සහාය වෙමින් සිදුකරනු ලබන සේවය වෙනුවෙන් එහිදී ඔවුන් වෙත කෘතවේදීත්වය පලකලහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී එහිදී හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය සාමාන්‍ය ජනතාවගේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වී ඇති බව පෙන්වා දෙමින් සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සෑම විටම වෘත්තීය විනය සහ චර්යාව ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යා යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

වර්තමානයේ මුහුණු දෙනු ලබන අභියෝග පිළිබඳව තමා යටතේ රාජකාරිකරනු ලබන භටපිරිස් සෑම විටම දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය විටදී ඔවුන්ට මඟපෙන්වීම ලබාදෙන ලෙසත් එහිදී එතුමන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

නිල සංචාරයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එතුමන් නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ රාජකාරි අවශ්‍යතාවයන් පිළිබඳවද සොයා බැලීය.