Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2024 15:04:12 Hours

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පේදුරුතුඩුව මෙතෝදිස්ත බාලිකා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කරයි

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව මෙතෝදිස්ත බාලිකා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී.

පාසල් ළමුන් හට අධ්‍යාපනය හැදැරීම සඳහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන පාසල් කාර්යය මණ්ඩලයේ ඇගයීමට ලක් වූ අතර, විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද මෙම වැඩසටහනට සහභාගි වූහ.