26th January 2024 15:01:12 Hours
ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව වර්ෂ 1987-1990 කාලය තුළදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වැදී ජීවිතක්‍ෂයට පත් ඉන්දීය සාම සාධක හමුදාවේ (Indian Peace Keeping Force) රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් සිකුරාදා (ජනවාරි මස 26) දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. යාපනය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කරනු ලැබීය.
මෙම රණවිරු සැමරුම් උත්සවයේදී, ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා (Mr. Shri Raakesh Natraj) සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී.වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පුුෂ්පෝපහාර පුදකරමින් ඔවුන් වෙත ගෞරවාචාර පුදකළහ.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා භටපිරිස් සහභාගි වූහ.