Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2024 18:30:37 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් සඳහා ‘නායකත්ව ගුණාංග’ පිළිබඳ දේශනයක්

ජල සම්පාදන මණ්ඩලය වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී විසින් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පස්සර ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදී ‘නායකත්ව ගුණාංග’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

ජල සම්පාදන මණ්ඩලයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ නිලධාරීන් පිරිසක් මෙම සැසියට සහභාගි වූහ.