25th January 2024 18:32:57 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 31 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී 2024 ජනවාරි මස 24 දින හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී වෙත 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනැමූහ. අනතුරුව, එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාවන් සහ සර්වාගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටිමෙන් අනතුරුව එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව, දිවංගත රණවිරුවන් සිහිපත් කරමින් එතුමන් පලාලි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.
භටපිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.