Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2024 19:34:56 Hours

ලයා ලෙෂර් හෝටලය වෙත ‘සලාක ගබඩා කළමනාකරණ පද්ධතිය’ හඳුන්වා දෙයි

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද ‘සලාක ගබඩා කළමනාකරණ පද්ධතිය’ (RSMS) නම් නව මෘදුකාංගය පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින කුකුළේගඟ පිහිටි ලයා ලෙෂර් හෝටලය වෙත හඳුන්වා දෙන ලදී.

මෙම මෘදුකාංගය තුළින් ප්‍රයෝගිකව සිදුකරනු ලබන ගබඩාකරණය, ඩිජිටල්කරණය කරනු ලබන අතර ඒ පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මූලික පුහුණු සැසියක් ද පවත්වන ලදී. ‘සලාක ගබඩා කළමනාකරණ පද්ධතිය’ යනු කොටස් පාලන ක්‍රියාවලීන් විධිමත් සිදුකිරීමට සහ කළමනාකරණය කිරීමට නිර්මාණය කර ඇති ඒකාබද්ධ අන්තර්ජාල මෘදුකාංගයකි. විධිමත් තොග කළමණාකරනය, නැවත ඇණවුම් කිරීමේ මට්ටම හඳුනාගැනීම සහ නාස්තිය අවම කිරීම මඟින් කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම මෙම මෘදුකාංගයේ අරමුණ වේ.

මෙම මෘදුකාංගය සාර්ථකව නිර්මාණය කිරීම සඳහා එහි ව්‍යාපෘති කළමනාකාර මේජර් ජේ.එච්.එච්. පෙරේරා සහ මෘදුකාංග ඉංජිනේරු ලුතිනන් එම්.ඊ.ආර්. කුමාරසිංහ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළහ.

කර්නල් තොරතුරු තාක්‍ෂණ කර්නල් එම්.ආර්. හමීම් යූඑස්පී විසින් මෙම නව මෘදුකාංගය ලයා ලෙෂර් හෝටලයේ සාමාන්‍යාධිකාරී කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස වෙත නිල වශයෙන් භාරදෙන ලදී.