24th January 2024 19:30:18 Hours
අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ රහසිගත ගංජා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් 2024 ජනවාරි මස 22 දින අම්බලන්තොට පොලිස් ස්ථානය වෙතින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදි, ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි බලකා නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් ස්ථානය මෙම වැටලීම සිදුකරනු ලැබිණි. මෙම වැටලීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලැබේ.