Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2024 19:33:12 Hours

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී 2024 ජනවාරි මස 20 දින එම සේනාංකය යටතේ ස්ථාපිත 211 පාබල බලසේනා මූලස්ථානය සහ 9 හා 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථානයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.

211 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 9 හා 5 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් විසින් එම මූලස්ථානයන්හි වත්මන් කාර්යභාරයන් පිළිබඳව සංචාරයේ නිරත මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී දැනුවත් කළ අතර එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම සංචාරයේදී 211 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනාවකට අනුව සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් එම බලසේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.