Header

Sri Lanka Army

Defender of the Nation

23rd January 2024 16:17:50 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

රෙජිමේන්තු උපකරණ පාලන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව ගුණාංග හා ඔවුන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් නායකත්ව හා වෘත්තීය නිපුණත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ. කීර්තිනාත ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කරගනු ලබන ආකාරයත්, එම රෙජිමේන්තුවේ කර්නල් ව්‍යාපෘති කර්නල් පී.ඒ.එම්. වික්‍රමසිංහ විසින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වගකීම් පිළිබඳවත් හරවත් දේශනයන් පැවැත්වූහ.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 150 දෙනෙකු සහභාගී වූහ.