13th January 2024 19:24:48 Hours
නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පිඑස්සී ජනවාරි මස 10 දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානූලව රාජකාරි භාරගත්තේය.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පිඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, 7 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පිඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.
නව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.