12th January 2024 17:21:36 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙතින් අයෝග්‍ය තත්ත්වයේ පැවති යුද්ධ හමුදා රථවාහන සහ උපකරණ නැවත භාවිතයට සුදුසු පරිදි ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය.
5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ 2 ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී පාපැදි 20 ක්, යතුරුපැදි 2 ක්, රථවාහන 20 ක් (ට්‍රැක්ටර්, සැහැල්ලු වාහන, ගිලන් රථ සහ බර වාහන) LED විදුලි බුබුළු 440 ක්, ගෑස් ලිප් 25 ක්, බැලිස්ටික් හිස්වැසුම් 1000 ක් සහ කාර්යාල පුටු 50 කට අධික ප්‍රමාණයක් ප්‍රතිනවීකරණය කර 2024 ජනවාරි මස 05 දින යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය වෙනුවෙන් නැවත යොදවන ලදී.
මේ වනවිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙතින් අයෝග්‍යය තත්ත්වයේ පවතින වායු සමීකරණ යන්ත්‍රවල ගෑස් ටැංකි සහ ඉවතලන ලද බැරල් භාවිතා කරමින් නව පොල් කටු උඳුන් 5 ක් නිපදවා ඇත. මෙම පරිසර හිතකාමී උඳුන් අනාගතයේදී යුද්ධ හමුදා කඳවුරුවල ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතව ඇත.