Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2024 17:19:30 Hours

ඉංජිනේරු සේවා බලකායේ 74 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ඉංජිනේරු සේවා බලකායේ 74 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළ කර්නල් සේනාවිධායකතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. උත්සවය සමාප්තියේ මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.