10th January 2024 19:20:12 Hours
අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ටී.ඒ පීරිස් පීටීඑස්සී පසුගිය සඳුදා (ජනවාරි මස 08) දින රාජකාරි භාරගන්නා ලදී.
ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. උත්සව අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන්, භඨකාර්ය සම්පාදක ඒකකයන්හි ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.