11th January 2024 19:50:43 Hours
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක පුහුණු පාසලේ පැවැත්වූ භඨකාර්ය සම්පාදක පුහුණු පාඨමාලා අංක 6 සාර්ථකව අවසන් කළ උපකරණ පාලන නිලධාරින් 15 දෙනෙකු පසුගිය දා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.එහිදි එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී විසින් සංචාරයේ නිරත පිරිස උණූසුම් අයුරින් පිළිගනු ලැබීය.
එම මූලස්ථානයේදී, නව උපකරණ පාලන නිලධාරින් වෙනුවෙන් දෙදින දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා කේඑස්පී විසින් 2024 ජනවාරි මස 03 දින එහි ආරම්භක දේශනය පැවැත්වූයේය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රෙගුලාසි, උපකරණ පාලන නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය, යුද්ධ හමුදාවේ ස්ථාන මාරුකිරීම් ක්‍රියා පටිපාටි සහ විභාග පැවැත්වීම, භෝජනාගාර ක්‍රියාපටිපාටිය සහ යුධෝපකරණ ක්‍රියාපටිපාටිය පිළිබඳ වැඩි අවධානයක් යොමුකෙරිණි.