Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2024 19:39:54 Hours

5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ගංවතුර හේතුවෙන් ගමනාගමන අවහිරතා ඇතිවූ ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් සපයයි

අධික වර්ෂාපතනයත් සමඟ නාච්චදූව වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම වැවේ වාන් දොරටු විවෘත කිරීම නිසාවෙන් පසුගිය සඳුදා (ජනවාරි මස 8) දින බෝගොඩ පාලම අසල ප්‍රදේශයේ මාර්ගය අඩි 3 ක් පමණ ජලයෙන් යටවිය.

213 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් බෝට්ටු යොදාගනිමින් එම ප්‍රදේශයේ වෙසෙන සිවිල් ජනතාවට මාර්ගය ඔස්සේ ගමන්කිරීමට අවැසි පහසුකම් සපයනු ලැබීය.