10th January 2024 19:15:26 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 2024 ජනවාරි මස 06, 07 සහ 08 තෙදින තුළ 2 (ස්වෙච්ඡා), 3 (ස්වෙච්ඡා) සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකකයන්හි නිල සංචාරයක නිරතවූයේය.
එම ඒකක මූලස්ථානයන්හිදි මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සංචාරය අතරතුර බලකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයන් සඳහා සහභාගී විය. පසුව, භටපිරිස් සමඟ සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද එතුමන් පෙනී සිටියේය.