Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2024 18:58:59 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 05) දින පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු සරඹ භූමියේ පිහිටි විශේෂ පීඨිකාවේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ පෙනී සිටියේය. ඉන් අනතුරුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන්ගේ දැක්ම ප්‍රකාශයට පත්කළේය.