Header

Sri Lanka Army

Defender of the Nation

10th January 2024 19:33:20 Hours

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කේ.ජේ. කුලරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (ජනවාරි මස 10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

එම සුහද හමුවේදී එතුමන්ගේ අනාගත බලාපොරොත්තු සහ ඉදිරි සැලසුම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුබපැතුම් ද පිරිනැමුවේය.

සුහද හමුව සමාප්තියේ හමුදාවන් අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.