Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2024 15:40:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 54 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 ජනවාරි මස 01 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරී කටයුතු භාරගත්තේය.

එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් එම පරිශ්‍රයේ පිහිටි කපිතන් සාලිය අලදෙනිය පීඩබ්ලිව්වී රණවිරු ස්මාරකය වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නව සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය.

නව වසරේ ප්‍රථම වැඩ කරන දිනය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් ධජ එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීතය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූ අතර, නව සේනාවිධායකතුමන් රාජකාරී භාරගැනීමෙන් අනතුරුව නව අවුරුදු සුභාශිංසනයන් ද පිරිනමන ලදී.