Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2023 20:43:44 Hours

නව ගමන් පාළන අධ්‍යක්‍ෂක සිය රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ ගමන් පාළන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී හමුදා සම්ප්‍රදායානූකූලව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

නව අධ්‍යක්‍ෂක සිය කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනිම සනිටුහන් කරනු ලැබීය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා පත්කෙරිණි. බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 52 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස රාජකාරි හෙඹවූයේය.