Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2023 20:46:01 Hours

54 පාබල සේනාංකයේ භටපිරිස් හි මුලිකත්වයෙන් රාජේශ්වරී දේවස්ථානයේදී කැරොල් ගී ප්‍රසංගයක්

අසිරිමත් නත්තල් පණිවුඩය ලොවට කියාපාමින් 54 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් 2023 දෙසැම්බර් මස 27 දින මන්නාරම රාජේශ්වරී දේවස්ථානයේදී නත්තල් කැරොල් දේව මෙහෙයක් සංවිධානය කරන ලදී.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව සහභාගී වූ මන්නාරම් රදගුරු ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවේල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබිලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු ද සහභාගී විය. ‘සාමයේ කුමරා’ වන ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ගීතිකා ගයමින් ලෝවාසීන්ට සාමය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කළහ.

මෙම අවස්ථාව සඳහා විවිධ ආගමික පූජකවරු, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, 21 පාබල සේනාංකය සහ 54 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 541, 542, 543 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහභාගී වූහ.