Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2023 11:20:47 Hours

බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අවසන් කටයුතු හමුදා සම්ප්‍රදායානුකූලව සිදුකෙරේ.

අභාවප්‍රාප්ත වූ ඉංජිනේරු සේවා බළකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා සාමාජිකයින් හා පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් බදාදා (දෙසැම්බර් මස 27 ) දින සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ නිලධාරී හට අවසන් ගෞරව දැක්වීමට විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂකවරුන් ඇතුළු ශෝකයට පත් පිරිස් ද පැමිණ සිටියහ.

අවමංගල්‍ය පෙරහැර සුසාන භූමියේ ප්‍රධාන දොරටුව වෙත පැමිණීමෙන් අනතුරුව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද මෘත දේහය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල (Gun Carriage) මත තැන්පත් කරන ලදී.

අවමංගල්‍ය පෙරහැර සුසානභූමියේ ප්‍රධාන දොරටුව වෙත ළඟා වීමත් සමඟම ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සම්ප්‍රදායානුකූලව මෘත දේහය නිල වශයෙන් භාරගෙන ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද පළමු කොටසේ නියෝග (Part I Order) ශෝකයට පත් වූවන් වෙත කියවන ලදී. හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කිරීමෙන් පසු මෘත දේහය ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, සහ යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂක සහ ශ්‍රි ලංකා ඉංජිනේරු බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වෙත ජාතික කොඩිය හා පදක්කම් ප්‍රදානය කරන ලදී.

අවසන් කටයුතු සඳහා ජ්‍යේෂඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ පවුලේ සාමාජිකයින් සහභාගි වූහ. අතර යුද්ධ හමුදාපතිවරයා මීට පෙර ඔහුගේ අවමංගල්‍ය නිවසට ගොස් ඔහුගේ ශෝකය පළ කළේය.

මෙහි පහත දැක්වෙන්නේ අවමංගල්‍ය උත්සවයේදී කියවන ලද( Special Part I Order) පළමු කොටසේ හමුදා නියෝගයයි.