Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2023 18:12:31 Hours

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින රාජකාරීන් භාරගනු ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී සිකුරාදා (දෙසැම්බර් 22) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම හමුවේදී යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වෙත සිය සුභාශිංසන පිරිනමමින් පැවරී ඇති වගකීම් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම ධූරයේ රජකාරීන් සිදුකරන ලෙසත්, ධූරයේ රාජකාරි කටයුතු සාර්ථකව සිදුකිරීමට සිය සුබපැතුම් ද පිරිනැමුවේය.