Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2023 20:00:55 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන (විශ්‍රාමික) ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී ආර්ඩීසීඑස් පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (දෙසැම්බර් මස 20) දින පස්වරුවේ පූර්ණ හමුදා ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

විශ්‍රාම ගැනීමෙන් පසුව එතුමන්, උතුරු - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ (1998 - 2004) සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් යන ධූරයන්හි (2004 - 2005) රාජකාරි හෙබවීය.

මානූෂිය මෙහෙයුම් වලදී නොබියව දායක වී ඇති මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන (විශ්‍රාමික) මාතෘභූමියේ ආරක්‍ෂාවට කළ කැපවීම වෙනුවෙන් ‘රණ ශූර’ සහ ‘රණ වික්‍රම’ යන පදක්කම් පිරිනමා ඇත.

බොරැල්ල පුද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති එතුමන් දේහයට අවසන් ගෞරව දැක්වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එහිදී, අභාවප්‍රාප්ත රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙත ශෝකය පළ කරමින් ත්‍රස්තවාදයට එරෙහි මානූෂීය මෙහෙයුමේදී ඔහු සිදුකළ කැපවීම පිළිබඳව ද සිහිපත් කරනු ලැබීය.