Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2023 10:03:03 Hours

දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලෙහි නවතමයෙන් ඉදිකරන ලද ස්නයිපර් වෙඩිපිටිය විවෘත කරයි

දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල් පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද මීටර් 500 ස්නයිපර් වෙඩිපිටිය එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් පසුගිය ඉරිදා (17) දින විවෘත කරන ලදී.

විවෘත කිරීමේ අවස්ථාවට කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම පුහුණු පාසලේ සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාපතිතුමන් එහිදී අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟින් වෙඩි පිටිය නිරීක්‍ෂණය කල අතර, අනතුරුව එතුමන් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපනය කරන ලදී. උත්සව කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය. එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ පුහුණු පාසලේ සේනාවිධායකතුමන් අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ අමුත්තන් සඳහා වූ සමරු පෙතෙහි සටහන් තැබූ අතර, පුහුණු පාසල් පරිශ්‍රයේ ස්ථාපිත සම්බන්ධීකරණ කාර්යාලය ද විවෘත කරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ , නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුලු සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.