Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2023 19:37:12 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරී භාරගත්තේය.

හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සව අවස්ථාවෙන් පසුව එතුමන් ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.