Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2023 08:09:23 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක වසර 34 කට අධික කාලයක් පුරාවට විවිධ ධූරයන් හොබවමින් සිදුකළ කැපවීම සහ වර්ෂ 2009 ට ප්‍රථම පැවති මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා දක්වනු ලැබු දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් මතකාවර්ජනයක කරනු ලැබූ අතර විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද පිරිනැමුවේය.

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ධූරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ සංඥා පුහුණු පාසලේ ඛණ්ඩභාර නිලධාරි, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, 21 පාබල බලසේනාවේ සංඥා නිලධාරි, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරි, 7 සහ 21 පාබල බලසේනාවන්හි සංඥා නිලධාරි, 6 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් නිලධාරි, 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (විද්‍යුත් සංග්‍රාමික), 8 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 23 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 22 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරි, 572 පාබල බලසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති සහ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන්ගේ සේවා කාලය තුළ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උසස් පාඨමාලාව, සංඥා තරුණ නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව - පාකිස්ථානය, සංඥා කණ්ඩායම් අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, Man-portable Surveillance & Target Acquisition Radar පාඨමාලාව - එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - ඕස්ට්‍රේලියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී. දසනායක ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශන ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, ඉන්දියාවේ දේවි අහ්ලියා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උපදේශකවරුන් පුහුණු කිරීමේ පාඨමාලාව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඇඟලුම් කර්මාන්තය සඳහා රෙදිපිළි තාක්‍ෂණ පාඨමාලාව වැනි උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.