Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2023 09:15:48 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය ඉන්දීය සංචාරය අතරතුර පසුගිය බදාදා (දෙසැම්බර් මස 06) දින ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අනිල් චෞහාන් පීවීඑස්එම් යූවයිඑස්එම් ඒවීඑස්එම් එස්එම් වීඑස්එම් (General Anil Chauhan PVSM UYSM AVSM SM VSM) හමුවිය.

මෙම සුහද හමුවේදී, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර සිදුකරනු ලබන පුහුණු ක්‍රමවේදයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව සහ කලාපීය ගැටළු සාමකාමීව විසඳාගත හැකි ආකාරය පිළිබඳ අදහස් හුවමාරු කෙරිණි.

සුහද හමුව සමාප්තියේ, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ සහ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි බ්‍රිගේඩියර් බී.එම්.ඒ. බාලසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.