Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2023 19:20:47 Hours

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කටුකෙලියාව බලඇණි පුහුණු පාසලේ පුහුණු වැඩසටහන් ඇරඹේ

ප්‍රතිසංස්කරණය කරන ලද කටුකෙලියාව ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 23) දින විවෘත කරනු ලැබීය.

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර්. ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ කටුකෙලියාව බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් කේ.එන්.පී. කළුබෝවිල ගේ මඟපෙන්වීම මත 58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් එම බලඇණි පුහුණු පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව බලඇණි පුහුණු පාසලේ පළමු බලඇණි පුහුණු පාඨමාලාව 1 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්හි සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි. පුහුණු පාසල විවෘත කිරීමේ අවස්ථාව සඳහා 58 පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.