Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2023 19:29:35 Hours

මන්නාරම ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක්

උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක පොල් පැළ වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි අන්තෝනියාපුරම්, ඉලුප්පුකඩවෙයි, තොඩ්ඩවේල්, වෙඩිතලතිව්, සන්නාර්, පෙරියමඩු, පාලිආරු, තේවම්පිඩ්ඩි, අඩම්පන්, පරප්පකන්ඩාල්, වට්ටකන්ඩාල්, කාත්තන්කුලම්, නානට්ටන්, අරිප්පු, මාන්තෙයි සහ ආන්දන්කුලම් ප්‍රදේශයන්හි ජීවත් වන වැසියන් වෙනුවෙන් පොල් පැළ 325 ක් බෙදාදුන්හ.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව අදාළ ග්‍රාම නිලධාරීන් විසින් ලබාදුන් උපදෙස් මත 541 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 5 (ස්වචේඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2023 නොවැම්බර් මස 26 දින ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් මෙම පොල් පැළ ඔවුන් බෙදා දෙනු ලැබූහ.

මෙම වැඩසටහනට සමගාමීව ප්‍රතිලාභී පවුල් 65 ක් වෙත භටපිරිස්හි සම්බන්ධීකරණය මත පොල් පැළ බෙදාදෙනු ලැබිණි.