Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2023 19:24:24 Hours

541 පාබල බලසේනාවේ භටපිරිස් කල්ලඩි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කරයි

මන්නාරම දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගය මැඬපැවැත්වීමේ අරමුණින් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින 541 පාබල බලසේනාව, 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව හා 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් මන්නාරම කල්ලියඩි ප්‍රදේශයේ ස්ථාපිත රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව 541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යූඑස්පී ගේ උපදෙස් මත භටපිරිස් විසින් එම පාසලේ සියලුම සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කර දිවා භෝජනය සංග්‍රහයක් පිරිනැමීය.

වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා 541 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, එම බලසේනාව යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරීන්, සෙසුනිලයින්, එම විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් සිය දායකත්වය දැක්වූහ.