Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2023 09:37:37 Hours

2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළකායේ 64 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අභිමානවත් 64 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ භටපිරිස් නොවැම්බර් මස 23 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.

සංවත්සර දිනයට පෙර දිනයේදී, එම ඒකකයේ භටපිරිස් සම්බෝධි වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, අන්තර් කණ්ඩායම් ක්‍රීඩා තරඟයක් පවත්වන ලදී. අනතුරුව, සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල්දානය පූජාකරනු ලැබිණි.

සංවත්සර දිනයේදී ඒකක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

සංවත්සර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ සියලු නිලයන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීය.