Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2023 09:56:31 Hours

‘වීර මඩුගල්ලේ දිසාව සහ වීර මොණරවිල කැප්පෙටිපොළ දිසාව’ විරුවන්ගේ 205 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමර‍ෙ

‘වීර මඩුගල්ලේ දිසාව සහ වීර මොණරවිල කැප්පෙටිපොළ දිසාව’ විරුවන්ගේ 205 වන සංවත්සර සැමරුම පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින ඓතිහාසික ‘මඩුගල්ල පරපුරේ’ සාමාජිකයින් සහ පුනරුත්ථාපනය වන රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේදී පැවැත්විණි.

වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ‘ඌව - වෙල්ලස්ස’ ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමේ අරමුණින් මීට වසර 205 කට පමණ ප්‍රථම සිදුකරනු ලැබූ සුප්‍රසිද්ධ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේදී ‘වීර මඩුගල්ලේ දිසාව’ (උඩගබඩ නිලමේ) සහ ‘වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව’ දිවි පිදූහ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන් ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.කේ.ජි.සී පැස්කුවෙල් සමඟින් නේවාසික රණවිරුවෙකු එක්ව බුලත් හුරුල්ලක් පිළිගන්වමින් පිළිගනු ලැබීය.

ඓතිහාසික ‘මඩුගල්ල පරපුරේ’ සභාපතිනි නිල්මිණි වැලිවිට මහත්මිය විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම් උත්සවයේදී විරෝදාර රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ දිවංගත රණවිරුවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම, ජාතික ගීතය ගායනා කිරීම, එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සහ දේශනයන් සිදුකෙරිණි.